Saturday, September 10, 2011

මේකයි වැඩේ.....




නින්නාදෙ වැඩ කටයුතු අපි ඔන්න පහුගියදා බැච් එකේ මීටින් කට්ටක් තියලා පටං ගත්තනෙ.ජිත්තාගෙ සුපුරුදු කියවිල්ල හින්දා තව පොඩ්ඩෙන් කට්ටියකට ස්කිල්සුත් කට් වෙනවා.ජිත්තත් කියවන්න ගත්තම ඌටම මතක නෑ පටං ගත්තෙ කොහෙන්ද කියලා.කට්ටිය දැං හවසට හවසට හොරෙං තැංතැංවල අයිටම් පුරුදු වෙනවා කියන්නෙ.තව ඉතිං කට්ටිය රෑට ෆැකල්ටියෙ එක එක වැඩ.සල්ලි හොයන වැඩ, ලියුම් කියුම්වල වැඩ වගේ එකී නොකී දාහක් රාජකාරි.


මම ඉතිං දැං ඔව්වට යනවා අඩුයිනෙ.මේ නහින දෙහින කාලෙ මොන බයිස්කෝප් ද කිව්වලු.මම මට හැකි ආකාරයෙං ඒ කිව්වෙ කටිං කරන උදව්වක කරගෙන කාගෙනුත් බැණුං අහගෙන සතුටිං ඉන්නවා.පණ්ඩිතයා දැන්ම ඉඳං කැමරාව අරගෙන එක එක ඈංගල්වලට කට්ටිය වැඩ කරන, කයි දෙන ෆොටෝ ගන්නවා.සුපුරුදු විදිහට අඩුවෙං වැඩ කරලා වැඩිපුර ෆොටෝවලට ඉන්න තමයි මගේ බලාපොරොත්තුව මේ පාරත්.අපේ කට්ටියට ෆුල් අප්සට් අපේ කලිං වැඩ පෙන්නන්ඩ හදපු වීඩියෝ එකේ වැඩි පුර මගේ ෆොටෝ තිබ්බා කියලා.ඉතිං මේ ලෝක අපවාදෙං ගැලවෙන්න වීඩියෝ එක හදපු නිර්මාල් ගොයියගෙං අහපුවාම ඌ කියපි "මොනව කරන්ඩද හැම ෆොටෝ හැම එකකම වගේ උඹ ඉන්නවනෙ ඉතිං කොහොමද උඹ නැති ෆොටෝ දාලා වීඩියෝ එකක් හදන්නෙ" කියලා.ඇත්තටම මේකයි උනේ, අපේ කැමරාකාරයා පණ්ඩිත්නෙ.මම උගේ මිත්‍රයෙක් විදිහට උගේ ළඟින්ම ඉඳීමේ ප්‍රථිඵලයක් විදිහට ඌ ගන්න හැම ෆොටෝ එකටම යන්තං හොට දාගන්න පුළුවං උනා.අනික එක පාරක් අකූ එක්ක එකතුවෙලා පණ්ඩිතයගෙ කැමරාව උස්සං අපි එක එක වැඩ කරනවා වගේ පේන්න මහ ගොඩක් ෆොටෝ ගත්තනෙ.


මම කරපු ඇති වැඩක් නෑ.ඒත් මහ හුඟක් කළා වගේ පේන්න ෆොටෝනං මහ ගොඩක් ගත්තා.මම මේක මේ වෙලාවෙ කියන්නේ පාපොච්ඡාරණයක් විදිහට නෙමෙයි.මේ රටේ පුරවැසියෙක් විදිහට වැඩ කරනවා වගේ පෙන්නන එක අපේ ජානවල තියෙන දෙයක්.මම මේ කියන්නෙ ඔය මම කරපු වැඩේ වෙන ඕනෙ තැනක කරපල්ලා.ඒත් මේ නින්නාදෙට අපි ඔක්කොම මහන්සිවෙලා එකතුවෙලා වැඩ කරමු.මොකද මේකෙ වැඩ කළා කියලා පෙන්නලා වැඩක් නෑ.කරලම පෙන්නන්න ඕනෙ.සමහරවිට රටක්ම දකින්නත් ඉඩ තියෙනවනෙ.මේක එළට කරගත්තෙ නැතුව චා උනොත් එස්. බී. කියයි අපෝ පී.එම්.සී. එකේ උං කොච්චර හොඳද කියලා.එහෙම වෙන්න දෙන්න බෑනෙ.ඔය සාක්කුව පිරුණට ඔළුව හිස් උං වගේද අපි.සාක්කුව හිස් උනාට ඔළුව පිරිලනෙ තියෙන්නෙ.අඩු තරමෙ ඔය වල්පල්වලිං හරි.නේද මෙයාලා.........?

6 comments:

  1. samaharawita nemei.... meka kohomath ratakma dakinawa....! we ll do our level best!

    ReplyDelete
  2. Anika dinuka ayye.....oya hema phito ekatama moona daala...den justify karanna hadanna epa harida? :P

    ReplyDelete
  3. සිරාවට කුමරි ඒ කියන්නේ මුළු රටක් ඉස්සරහද අපි මේ රෙදි ගලවගන්න යන්නෙ???? අනේ මම ඒක සාධාරණීකරනය කරන්න හදනවා නෙමෙයි.මම කිව්වෙ හැමෝම ඒක කළොත් අවුල කියලනේ.........හඃ හඃ හා.....

    ReplyDelete
  4. රට්ටු ඉස්සරහ රෙදි ගැලවුනත් කමක් නෑ, නින්නදෙ හරියට කරගන්න පුලුවන් වෙනවනම්...

    ReplyDelete
  5. වැඩ කරන ෆොටෝස් එහෙම එකක් දෙකක්වත් දාන්න පුළුවන් නම් කට බලිය ගෙන බලා ඉන්න මම වගේ ජනතාවට පොඩි කික් එකක්. මම දන්නවා අන්තිම විඩියෝ එකට ඒවා ඕන කියලා. බට් එකක් දෙකක් වත් දාන්න බලන්න..

    ReplyDelete
  6. ළඟදීම බලාපොරොත්තුවන්න

    ReplyDelete