Friday, November 25, 2011

අපේ තේමා ගීතය... නෑ... අපේ කතාව


නින්නාදෙ තවත් ලස්සන කරන්න අපේ ලහිරු ලිව්ව සින්දුවක්...

තරිඳු දැම්ම තනුවක්... 

කස්ටියත්  එක්ක එකතු වෙලා කියන්න හදන අපේ කතාව තමයි මේ...

හැබැයි වැඩේ කියන තරම් ලේසි වුනේ නෑ. ඒ අහියෝගය තනියම කරට අරන් මේ සංකල්පය සිංදුවක් කලේ අපේ ම චතුරිකා අක්කා...



දෘශ්‍ය මාධ්‍යයට ඕන කරන ෆොටෝ ටික ගත්තෙ රංගික.. ඒ ටික වීඩියෝ එකක් කළේ අපේ කෝකුලන්...



කිංසි පාර ගං ඉවුරේ
වාඩි ලාන අපි ඉන්නේ...
ජීවිතේම හොඳ කාලේ
සතරැස් බිමේය ගතවෙන්නේ...
සුසුම් වාෂ්පය සිත්සේ
කොළඹ අහස පිළිගන්නේ
ග්‍රීෂ්ම ඉර යට පිපෙනා
සිනා මල් කිනිති වැන්නේ...



ඇඬුවා අපි හිනාවුනා
තරහ නොවුනා නොවේ...
කාලය නම් ඉගිල්ලුනා
අපව හැරදා කොහේ...
සිනා සරදම් හැඬුම්
මුකුළු පෙම්ගී සරේ
මතක සැමරුම් සුළං
සුළි නගන දින යලි නොඒ...

ප්‍රැන්සිස් පාරේ දවසක
ආපු හැටි අපි මෙහේ...
ඒ ගස් සෙවනේ රැයේ
ගැනපු තරු තව තියේ...//
මල්පෙති විසිරුණු ඉමේ
තටු සළන ගිරවුනේ
දමා සෙවනැලි බිමේ
නො එන් අප යන මගේ...






මෙන්න දැන් අපේ කතාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන්...



8 comments:

  1. niyamai...........thank u soooo much chathu akka for making this a reality!

    ReplyDelete
  2. සින්දුව මම සජීවීව ඇහුවා, දැක්කා ඊයෙ... පට්ටම පට්ට.

    ගේය පද - විශිෂ්ටයි සර්..
    තනුව - විශිෂ්ටයි සර්..
    සංගීතය - විශිෂ්ටයි සර්..
    රූප රචනය - විශිෂ්ටයි සර්..

    සින්දුව - අති විශිෂ්ටයි සර්..

    ReplyDelete
  3. අළුත් පෝස්ට් එකක් දානකම් ඉන්න බැරි තරම් සන්තෝස නිසයි මේකෙම දන්නෙ..
    ඊයෙ මම ආව.. 4.15 ට විතර. පණ්ඩිත් කලිං එන්න කිව්ව නිසා. පටන් ගන්න කල් ඉන්න උණා පැය දෙකක්. උඹල හිතනවා ද කලිං එන්න කියපු නිසා මම පණ්ඩිත් ට දෙහි කැපුවා කියලා. පිස්සු හැදෙයි... මම සාමාන්‍යයෙන් කරනවා වගේ බලන් හිටියා..., උඹලා දිහා.. තුන්වෙනි පාර්ශවයක් විදිහට.
    අවාසනාවට ඇත්ත කතාවක් කියන්නද..? උඹලා අතර සුළු සුළු ගැටුම් තියන බව මම දන්නවා. ඒත් අපේ කැම්පස් එකේ නම් මම හිතන්නෙ නෑ ඔහොම ලොකු වැඩක්, ඔය තරම් සිරාවට කරන්න මේ කපේදි පුළුවන් වෙයි කියලා.

    සුළු සුළු තාක්ෂණික දෝශ නම් උණා තමයි.. ඒව ඉතින් ප්ලෑන් කරලා වළක්වන්න අමාරු ඒවනේ..

    ඒත් නිර්මාණශීලීත්වයේ, අන්තර්ගතයේ, පුහුණුවේ, ඉදිරිපත් කිරීමේ සහ නොකී සියළුම සංයෝජනවල කිසිම අඩුවක් නම් මම දැක්කෙ නෑ. 6.15 ඉඳලා 12.40 වෙනකල් මම හිටියේ ඇස් දෙකයි, කටයි තුනම ඇරගෙන.
    කැම්පස් ඉඳලා නින්නාදෙටම නිසා කුලරත්නෙට ඇවිල්ලා යන්න. පැය 6+ ගියාට, Department ගියාට පස්සෙ වුණත් ලෙක්චර්ස් දෙකයි, ප්‍රැක්ටිකල් දෙකයි කට් වුණාට මගෙ හිතේ කිසිම කහටක් නෑ.
    Nikon D60 කැමරාවක් අතේ තියාගෙන හිතේ හැටියට ෆොටෝ ගන්ඩ බැරි වුණ එකම අවස්ථාව. එහෙම වුණෙත් ඉදිරිපත් කිරීම් චුට්ටක් හරි මිස් වෙයි කියලා.
    මට මීට වඩා මුකුත් කියන්න තේරෙන්නෙ නෑ. වැඩේ නම් සුපිරි...

    ReplyDelete
  4. මටත් කට්ටිය කිව්ව විදියට වැඩේ හොඳට ගිහිල්ල තියනව, Video එකක් එහෙම තියනවනං දාන්නකො YouTube එකට. :)

    ReplyDelete
  5. දුකයි.. වෙන මොනවත් නිසා නෙවී... අපේ ෆැකල්ටි ජීවිතේ අන්තිම නින්නාදෙ අපේ ෆයිනල්ස් වලට ඔන්න මෙන්න තියා තිබුන නිසා බලන්න බැරි උන එක,... ඒත් උබල සිරාවටම කරල තියෙනවා කියල තේරෙනෙව දාල තියෙන කමෙන්ට් බැලුවම.. අපරාදෙ බලන්න බැරි උන එක... :(

    ReplyDelete
  6. මම ඔන්න ලින්ක් එකක් දැම්මා... තව ඒවා ඉස්සරහට දාන්නම්...

    ReplyDelete
  7. ඔය අත්දැකීම් විදලා නැනේ

    ReplyDelete
  8. හරිම ලස්සන තනුවකට කළ ගායනය සහ රුපරචනය.

    ReplyDelete