Sunday, September 4, 2011

ඒ කියන්නේ මෙන්න මේකට.......




නින්නාදෙ කියලා කියන්නෙ කොළඹ මෙඩ්ඩොන්ට නිකං දෙයියො දීලා තියෙන වරප්‍රසාදයක් වගේ තමයි.මොකද හැමදාම පොතයි ඇඳයි බදාගෙන ඉන්න උන්ට හිරි ඇරලා අතපය දිග ඇරලා හූ කිය කිය නටන්න රඟන්න විතරක් නෙමෙයි සින්දු කියන්න මොකක් හරි වාද්‍ය භාණ්ඩයක් අරං ඒක තලතලා අනිත් උන්ව නටවන්නත් හම්බවෙන අන්තිම අවස්ථාව.


එහෙම කිව්වට එහෙම මේ අන්තිමම අවස්ථාවත් නෙමෙයි.ඒත් ඉතිං තමන්ම හදලා ගලපලා සංවිධානය එහෙම කරලා නටන කොටනෙ මොන තොවිලෙත් තමන්ගෙ වගේ දැනෙන්නෙ.මොකද මම එහෙම කියන්නෙ කොළඹ වෛද්‍ය පීඨෙ උන් තරං ඔය කලා කටයුතු, වල්පල් කුපාඩි වැඩ ආර්ට් එකේ උංවත් කරන්නෑ.මේක තමයි නියම කලා පාරාදීසෙ.මගේ මිත්‍රයෙක් දවසක් මගෙං අහනවා "ඇත්ත කියපං මචං උඹ ආර්ට් ෆැකල්ටි නේද යන්නේ" කියලා.ඒ මම ඔය තවත් මොකක් හරි කටයුත්තකට අයුධත් අරං කෝච්චියෙ එනකොට.ඉතිං කොච්චර කලා කටයුතු තිබ්බත් බැච් එකකට අනිවාර්යයෙන්ම සංවිධානය කරන ආතල් එක ගන්න තියෙන්නෙ ජුන්නොන්ට දෙන ෆ්‍රෙෂස් එකයි, ෆැකල්ටි කොන්සට් එකයි අන්තිම වශයෙං මේ කියන නින්නාදෙයි විතරයි.


ෆ්‍රෙෂස් එකයි කොන්සට් එකයි ඔහෙ කරන්නං වාලෙ කළාට නින්නාදෙ එහෙම කරන්න බෑ.ඒක තමයි කළිං ඉගෙනගත්තු පාඩම්වලිං සහ අත්දැකීම්වලිං බිහිවෙන නිර්මාණකරණයේ අග්‍රඵලය.විශිෂ්ඨත්වයේ කූටප්‍රාප්තිය.ඒක හරියට නිකං කොල්ලෙක් බූට් කාලා කාලා අන්තිමට පට්ට කෑල්ලක් සෙට් කරගන්නවා වගේ.ඌ ඊළඟට සෙට් කරගන්නෙත් චාටර්, කට වාචාල, ගොං බඳින කණුවක් වගේ කෙල්ලෙක්නං ඒකා සමාජය ඉස්සරහා මෝඩ ගොනෙක් විදිහට හංවඩු ගැහෙනවා වගේ, නින්නාදේ අනාගත්තොත් ඒ බැච් එකත් මෙළෝ රහක් නැති බැච් එකක් විදිහට තමයි ඉතිහාසගත වෙන්නෙ.කවුද කැමති තමංගෙ බැච් එක ඒ තත්වෙට වැටෙනවට.ඒක හින්දා මුළු බැච් එකම එකාවගේ මේ පොදු සතුරා ජයගැනීමේ අරමුණින් එකට එකතු වෙනවා.


ඔය අතරේ ඉතිං සුළු සුළු සිත් අමනාප වීම් එහෙමත් නැත්තෙම නෑ.ඒවත් නැත්තං මේකෙ කිසි ගතියක් තියෙනවයෑ.ඉතිං ඔහොම කට්ටිය තරහවෙනවා, යාළුවෙනවා.ඔය අතරේ කපල් සෙට් වෙනවා.තිබ්බ එව්වා කැඩෙනවා.අන්තර් බැච් මුහුවීම් අස්සෙ කෙල්ලො උඩ බැච්වලට ගොඩ යනවා.කොල්ලො යට බැච්වලිං ගොඩ දාගන්නවා.එළියෙං කෙල්ලො දාගත්තු උං අනිත් උං ලව් කරනවා බලලා හූල්ලනවා.ඔය මොකුත් නැති උං ඊළඟ බැච් එක එනකං බලං ඉන්නවා.


ඉතිං ඔහොම තිරය පිටුපස ජවනිකා වගේම තිරය ඉස්සරහත් ලොවෙත් නැති ජවනිකා තමයි රඟන්ඩ කියලා ලෑස්ති කරන්නෙ.උදේ පාන්දර දත් මදින වෙලාවෙ ඔළුවට ආපු, පරක්කුවෙලා ක්ලිනිකල්ස් ගිහිං බැණුං අහනවෙලාවෙ හිතිච්ච, කොමන් රූම් එකේ කැරමක් ගහන වෙලාවක මතක් වෙච්ච අදහස්  අංශුමාත්‍රයකට අනිත් අයගෙත් අදහස් එහෙම දාලා, හොඳට පෝර වතුර දාලා හදා වඩා ගත්තු අයිටම් දරුවෙක් බොහොම ආදරෙං පුරුදු පුහුණු කරලා තමයි කරළියට ගේන්නෙ.


ඉතිං අපේ බැච් එකෙත් ලොවෙත් වැඩකාරයෝ සහ ලොවෙත් වැඩකාරියෝ ඉන්න නිසා අපේ නින්නාදෙත් එළටම යාවි කියලා අපි හිතමු.(මෙහි වැඩකාරියන් ගැන සඳහන් කරන්නට යෙදුනේ ඒ ගැන කාරුණිකව මතක් කර දුන් ප්‍ර.කා.ස. හි බලවත් උනන්දුව නිසා බැව් සඳහන් කරන්නට කැමැත්තෙමි.)


එහෙනං අපිට ජයවේවා!


ප.ලි.


ප්‍ර.කා.ස. :- ප්‍රචණ්ඩ කාන්තා සංගමය.

8 comments:

  1. ඕං එහෙනම් කුකුළත් අතින් අරගෙන මම ආවා අපේ මෙඩ්ඩොන්ට ලොවෙත් නැති වෙන්න සුභ පතලා යන්න.. මම කළින් එව්වත් ටිකක් විතර දැකලා තියනවා. ඒත් පණ්ඩිත් මට දෙන කයි ත් එක්ක, කළිං එව්වා කුඩුවෙන්න දෙන්න බැරි වුණොත් ආයි වැඩක් නෑ ඉතිං.
    කට්ටියම සෙට් වෙලා හොඳ අවුට් පුට් එකක් දෙයි කියලා මම විශ්වාස කරනවා.
    ජය වේවා මගෙනුත්...!

    ReplyDelete
  2. ජස්ට් වේට් ෆො ද අවුට්පුට් තමා....:)

    ReplyDelete
  3. @Phoenix : අපි ඉතිං අපේ උපරිම උත්සාහේ දානවා.ඒත් මචං පණ්ඩිත්ගේ කයිවලටනං අහුවෙන්න එපා.ඌ කියන තරමක් කියන්නෙ බොරු........හඃ හඃ හා...........

    ReplyDelete
  4. ඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම්! :)

    ReplyDelete
  5. ආහ්හ්.. කවදද අයියේ තියෙන්නේ.. අපිටත් බලන්න එන්න පුළුවන්ද? කොහේද තියෙන්නේ.. NAT එකේද?

    ReplyDelete
  6. හැමෝටම තමා මේ ආරාධනාව.තියෙන්නෙ ආනන්දෙ කුලරත්න ශාලාවෙ.දිනේ තවම ස්ථිර නෑ.නොවැම්බර් 22 හෝ ඊට ලඟ දවසක.හරියටම දවස ඉස්සරහ දවසකදි කියන්නංකෝ...

    ReplyDelete
  7. niyamaiiiiiiiiiiiiiiiiiiii............... api karamooooooooooooooooooo.................!

    ReplyDelete
  8. ane pinthura upload karannako

    ReplyDelete